බස්නාහිර වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 380ක් අත්අඩංගුවට

බස්නාහිර වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 380ක් අත්අඩංගුවට

බස්නාහිර වැටලීමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 380ක් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

29 Sep, 2020 | 9:55 am

COLOMBO (News 1st) : අද උදෑසන 5න් අවසන් වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ විශේෂ වැටලීම් කිහිපයක් සිදු කර තිබේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අදාළ කාලය තුළ වැටලීම් 380ක් සිදු කර සැකකරුවන් 380 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ඉන් හෙරොයින් සොයා වැටලීම් 135ක් සිදුකර ඇති අතර හොයින් 566g කුත් 288mg ක් සමග සැකකරුවන් 135 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිම හෙරොයින් ප්‍රමාණය (510g 700mg) අතුරුගිරියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකරුවන් දෙදෙනකු සමගයි.

මීට අමකරව පානදුර පොලිස් වසමේදී නීතිවිරෝධි මත්පැන් බෝතල් 80ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

ගංජා 1kg කුත් 184g අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් 96 දෙනෙකු සමගයි.

මීට අමතරව තෙබුවනදී පාසල් ළමුන් ඉලක්ක කර විකිණීම සඳහා ළඟ තබා ගත් මදන මෝදක ගුලි 10175ක් අත්අඩංගුවට ගෙන ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]