
පොල් ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නැහැ… – වෙළෙඳ අමාත්‍යාංශය
පොල් ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නැහැ… – වෙළෙඳ අමාත්‍යාංශය
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – පොල් ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, රට තුළ කිසිදු පොල් හිඟයක් වාර්තා නොවන බවයි.
ඇතැම් පාර්ශව පොල් හිඟයක් නිර්මාණය කර පොල් මිල ඉහළ දැමීමට උත්සහ ගනිමින් ඇතැයි ද ඇය පෙන්වා දෙයි.
ලේකම්වරිය අවධාරනය කළේ, පනවා ඇති පාලන මිල කිසිදු අයුරකින් හෝ වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.
මේ අතර වැඩි මිලට පොල් අළෙවිකරන වෙළෙඳුන් සොයා ක්‍රියාත්මක වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ ය.
එම අධිකාරිය පෙන්වා දෙන්නේ, එවැනි වෙළෙඳන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළදුන් 56 දෙනෙකුට ඊයේ (28) දිනයේ නඩු පවරා තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, කොළඹ, ගම්පහ, පුත්තලම, කෑගල්ල, රත්නපුර, මාතර, මාතලේ, බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඊයේ දිනයේ වැටලිම් සිදු කළ බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, අද අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පොල් වැඩි මිලට අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බවය.
🔺 පොල් ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නැහැ… – වෙළෙඳ අමාත්‍යාංශය
🔺 පොල් ආනයනය කිරීමේ කිසිදු සූදානමක් නැහැ… – වෙළෙඳ අමාත්‍යාංශය📌 Read More: https://bit.ly/33b2VOh#lka #News1st #ULC #Coconut
Newsfirst.lk यांनी वर पोस्ट केले सोमवार, २८ सप्टेंबर, २०२०
- මාර්ගෝපදේශ දෙනතුරු COVID මරණ භූමදානයට අවස්ථාව නැහැ
- ගාලු මුහුදේ ගිල් වූ බස්..
- පුද්ගලයින් 10 දෙනෙකු සපා කෑ සුනඛයෙකුට පොලීසියෙන් වෙඩි
- අප්‍රේල් 21 ප්‍රහාරය: කොමිසමේ වාර්තාව අධ්‍යනයට පත් කළ අනුකමිටු ලබන බදාදා යළි රැස්වෙයි
- නාරංගල කන්දේදී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගනී..
- ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම 80% දක්වා ඉහළට
- විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර
- පසුගිය දිනවල සිදු වූ භූ කම්පන තත්ත්වයන් පිළිබඳ අධ්‍යනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට තීරණයක්
- අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 15ක මුදල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය සෞදි කුමරුගේ අනුමැතියෙන් සිදුවූ බවට හෙළිදරව්වක්