එංගලන්තයට හරවා යැවුණු කසළ කන්ටේනර් 21:ලබන 15 අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර

එංගලන්තයට හරවා යැවුණු කසළ කන්ටේනර් 21:ලබන 15 අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර

එංගලන්තයට හරවා යැවුණු කසළ කන්ටේනර් 21:ලබන 15 අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර

කර්තෘ Staff writer

29 Sep, 2020 | 7:23 am

COLOMBO (News 1st) – එංගලන්තයට හරවා යැවුණු කසළ අඩංගු කන්ටේනර් 21 ක සම්බන්ධයෙන් ලබන මස 15 වැනි දා අධිකරණයට කරුණු වාර්තා කරන බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු කන්ටේනර් 242 සහ හරවා යැවුණු කන්ටේනර් 21 සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන ක්‍රියාත්මක බවය.

අදාළ විමර්ශන අවසන් වූ පසු අදාළ සමාගම්වලින් වන්දි ලබා ගැනීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

රේගු දෙපාර්තමේන්තුව පැවසුවේ, ක්‍රියාත්මක විමර්ශන අවසන් වනතුරු වන්දි ලබා ගැනීමක් සම්බන්ධයෙන් ක්‍රියා කළ නොහැකි බවයි.

මෙරටට ගෙන් වූ කසළ කන්ටේනර් 21 ක් පෙරේදා පස්වරු 5.15 ට කොළඹ සිට එංගලන්තය බලා පිටත් කළ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා රේගුව ඊයේ ප්‍රකාශ කළේ, 2017 දෙසැම්බර් වනවිට එංගලන්තයෙන් නීති විරෝධි ලෙස ලංකාවට එවන ලද අපද්‍රව්‍ය කන්ටේනර් 263 ක් ලංකාව තුළ තිබූ බවයි.

කෙසේවෙතත් පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ කසළ කන්ටේනර් 242 ට මෙම කන්ටේනර්ස් 21 අයත් නොවන බව ශ්‍රී ලංකා රේගුව පැවසුවේ ය.

එංගලන්තයට හරවා යැවුණු කසළ කන්ටේනර් 21:ලබන 15 අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර

🔺 එංගලන්තයට හරවා යැවුණු කසළ කන්ටේනර් 21:ලබන 15 අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර📌Read More: https://bit.ly/3kTAies#lka #News1st #UK #GarbageContainer

Newsfirst.lk यांनी वर पोस्ट केले सोमवार, २८ सप्टेंबर, २०२०

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]