New Diamond කපිතාන් මහේස්ත්‍රාත් අධිකරණයට

New Diamond කපිතාන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට

by Staff writer 28-09-2020 | 9:47 AM

COLOMBO ( News 1st ) : ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී පසුගිය දා ගිනි ගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවේ ය.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය 17 වැනිදා කල නියෝගයකට අනුවයි. අතිරේක මහේස්ත්‍රාත්වරයා නෞකාවේ කපිතාන්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පෙනී සිටීමට නියෝග කළේ පසුගිය 17 වැනිදා නියෝගය කළේ,නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුවයි. ඉන්දියාව බලා බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය 3 වැනිදා ගිනි ගැනීමට ලක්වූ එම නෞකාව අතහැර කපිතාන්වරයා ඇතුළු නාවිකයන් නැවෙන් ඉවත් වී ඇති බවත්, ඔවුන්ගේ වගකීම් විරහිත ක්‍රියාදාමය නිසා විශාල විනාශයක් සිදුව ඇති බව එදින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනාරාල් වරයා පෙන්වා දී තිබේ.