වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 කට නඩු

වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 කට නඩු

by Staff writer 28-09-2020 | 5:27 PM

COLOMBO (News 1st) - උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පොල් අළෙවි කළ වෙළෙඳුන් 56 දෙනෙකුට අද දිනයේ නඩු පවරා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ, වැඩි මිලට පොල් අළෙවි කරන වෙළෙඳුන් සොයා අද දිනයේ දිවයින පුරා වැටලීම් සිදු කිරීම ආරම්භ කළ බවයි. ඒ අනුව කොළඹ, ගම්පහ, පුත්තලම, කෑගල්ල, රත්නපුර, මාතර, මාතලේ, බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල අද දිනයේ වැටලීම් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, හෙට දිනයේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පොල් වැඩි මිලට අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බවයි.