ලොව කොරෝනා මරණ ගණන මිලියනය ඉක්මවයි

ලොව කොරෝනා මරණ ගණන මිලියනය ඉක්මවයි

by Staff writer 28-09-2020 | 7:57 AM

COLOMBO ( News 1st ) : ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබේ.

ඒ , ගත වූ පැය 24 තුළ 3800 ඉක්මවූ කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගයි . මෙම කාලය තුළ ලොව වැඩිම මරණ වාර්තා වී ඇත්තේ ඉන්දියාව , මෙක්සිකෝව  ,බ්‍රසීලය , අමෙරිකාව , ආර්ජන්ටිනාව සහ ඉරානය යන රටවල් වලිනි. ඉකුත් පැය 24 තුළ ලොව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද දෙලක්ෂ පනස් දහසකට ආසන්න වේ. මේ වනවිට ලොව සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, තුන්කෝටි තිස් තුන් ලක්ෂයකට ආසන්න අතර කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව දෙකෝටි හතලිස් හයලක්ෂය ඉක්මවා ඇතැයි සඳහන් ය. මේ වනවිට ලොව සක්‍රීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ හැත්තෑ හතකට ආසන්නය.