මත්තල ගුවන්තොටුපාළට කාගෝ සංකීර්ණයක්

මත්තල ගුවන්තොටුපාළට කාගෝ සංකීර්ණයක්

by Staff writer 28-09-2020 | 11:26 AM

COLOMBO ( News 1st ) : ආනයනය කරන හා අපනයනය කරන භාණ්ඩ ගබඩා කිරීම සඳහා මත්තල ගුවන්තොටුපාළට කාගෝ සංකීර්ණයක් ඉදිකිරීමට පියවර ගෙන ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , ඒ යටතේ ඊට අදාළ සියලුම ආයතන එකම ස්ථානයකට රැගෙන ඒමට අපේක්ෂා කරන බවයි.