බස්නාහිර පළාතේ මෙහෙයුමකින් 488 ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 488 ක් අත්අඩංගුවට

by Staff writer 28-09-2020 | 3:19 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහිදී හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන්, ගෝඩා සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන තිබේ. මෙම මෙහෙයුමේදී වෙනත් වැටලීම් 16 ක් සිදු කර ඇති අතර එහිදී සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.