පහරදීමකින් කාන්තාවක් මරුට

පහරදීමකින් කාන්තාවක් මරුට

by Staff writer 28-09-2020 | 10:03 AM

COLOMBO ( News 1st ) : තලංගම, තලාහේන ප්‍රදේශයේදී පහරදීමෙන් 60 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ නිවැසියන් පිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් සමථයකට පත් කිරීමට එම ස්ථානයට ගිය අදාළ අසල්වැසි කාන්තාව පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද සිද්ධියෙන් තුවාල ලබා ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.