ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩනයට පත් මිනිස්සු...

ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩනයට පත් මිනිස්සුන්ගේ කඳුළු කතාව

by Staff writer 28-09-2020 | 8:17 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුව නිර්වචනය කරන පරිදි ක්ෂුද්‍ර මූල්‍ය යනු අඩු ආදායම් ලාභීන්ට මූල්‍ය සේවා සැපයීමයි.

ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපුරාගත නොහැකි දිළිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම්, ඉතිරි කිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැළසීම මෙමගින් සිදු වේ. මහ බැංකුවට අනුව ක්ෂුද්‍ර මූල්‍ය මගින් අපේක්ෂා කරනු ලබන්නේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් උත්පාදනය කිරීමේ කටයුතු සහ ආදායම් උත්පාදන ධාරිතාව් වැඩිදියුණු කිරීම සහ ප්‍රසාරණය කිරීමයි. නමුත් අපේ රටේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය ක්‍රියාත්මක වන්නේ මේ අරමුණු ඔස්සේ ද? මේ වනවිට රටපුරා ග්‍රාමීය මෙන්ම නාගරික ප්‍රදේශවලක් විශාල පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් නැත්නම් පුද්ගලයින්ගෙන් ලබාගත් ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටි. මේ පිරිස් අදාළ ණය ලබා ගෙන ඇත්තේ, මාසිකව හෝ සතිපතා නැත්නම් දිනපතා පොලියක් සහ ණය මුදලේ කොටසක් ආපසු ගෙවීමේ පදනම මතයි. දෛනික ආදායම් ලබන බොහෝ පිරිසකට මෙම මුදල් යළි ගෙවීමට ඇති හැකියාව අවම බව එම තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නකි. ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 37 කින් පසුගිය ජුලි මාසය වනවිට ලබාගත් වාර්තාවලට අනුව මිලියන 2.8 ක් මේ ක්‍රමයට ණය ලබාගෙන තිබේ. ඉන් මිලියන 2.4 ක්ම කාන්තාවන්. ඔවුන් අදාළ ආයතනවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණයේ මුළු වටිනාකම රුපියල් බිලියන 94 කි. https://www.facebook.com/NewsfirstSL/videos/3152838291506038/