කසළ තේ කිලෝ 5000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කසළ තේ කිලෝ 5000 ක් සමග පුද්ගලයෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට

by Staff writer 28-09-2020 | 5:09 PM

COLOMBO (News 1st) - කසළ තේ කිලෝග්‍රෑම් 5000 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ඇල්පිටිය, ඉදිගහවෙළ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පුද්ගලයා ලොරි රථයකින් කසළ තේ ප්‍රවාහනය කරමින් සිටි බවයි. අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි අම්බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර වල්ලාපට්ටා කුඩු කිලෝග්‍රෑම් 446 ක් සමග පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු සතුව තිබි බොයිලේරුවක්, සිලින්ඩරයක්, ගෑස් ලිප්, ඇඹරුම් යන්ත්‍රයක් සොයා ගත් බවයි.