ICC මූලස්ථානය දින කිහිපයකට වැසේ

ICC මූලස්ථානය දින කිහිපයකට වැසේ

ICC මූලස්ථානය දින කිහිපයකට වැසේ

කර්තෘ Staff writer

27 Sep, 2020 | 10:06 am

COLOMBO ( News 1st ) : කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකුට කොරෝනා වැළඳීම හේතුවෙන් ඩුබායිහි පිහිටි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය තාවකාලිකව වසා දමා තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ, සෞඛ්‍යාරක්ෂණ හේතු මත මෙම පියවර ගෙන ඇති බවයි.

මෙහෙයුම් කටයුතුවල නිරත සේවකයින්ට ඔවුන්ගේ නිවෙස්වල සිට තම රාජකාරි සිදු කරන ලෙස උපදෙස් දී තිබේ.

මේ දිනවල එක්සත් අරාබි එමීර්හි සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් 6 ක් පුහුණු වන්නේ ඩුබායිහි ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේදීය.

සෞඛ්‍යාරක්ෂණ නිර්දේශවලට අනුව එම කටයුතු සිදුවන බව විදෙස් වාර්තාවල සඳහන් විය.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල කාර්ය මණ්ඩල සේවකයන් කිසිවෙකු එම ක්‍රීඩා සංකීර්ණයට ඇතුළු නොවන නිසා එය ආරක්ෂිත බවට තරගාවලි සංවිධායක කමිටුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]