20  පුද්ගලිකත්වය ඉලක්ක කරගත් සංශෝධනයක්

20 පුද්ගලිකත්වය ඉලක්ක කරගත් සංශෝධනයක් - සජිත් ප්‍රේමදාස

by Staff writer 27-09-2020 | 9:23 PM

COLOMBO (News 1st) -  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුද්ගලිකත්වය ඉලක්ක කරගත් සංශෝධනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා පවසයි.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කරලා තියෙන්නේ පුද්ගලිකත්වය මත. ඒක ඇත්තටම රජය ඇතුළේ තිබෙන බල අරගලයක ප්‍රතිඵලයක් හැටියටයි මම දකින්නේ. හැබැයි සිදු විය යුත්තේ රටේ අනාගතය ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා රටෙත් ජනතාවගේත් අනාගත අභිවෘද්ධිය තකා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නිර්මාණය වෙනව නම් එය සිදු විය යුත්තේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරලා 19 න් ඔබ්බට ඒ කියන්නේ 19 න් නිර්මාණය වුණු යහපත් ආයතන සුරකිමින් එයිනුත් ඔබ්බට ගිහිල්ලා ඒ ආයතන තවදුරටත් ස්වාධීන කරමින් ඒ ආයතනවලට ලබා දිය යුතු මානව සම්පත භෞතික සම්පත මූල්‍ය සම්පත ලබාදීලා අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් අතර තිබෙන බල අරගලය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඒ තනතුරු දෙකටම යම් බලයක් ලබා දීලා චෙක් ඇන්ඩ් බැලන්සස් ක්‍රමවේදයක් තුළින් සංවරණ හා තුළන වැඩ පිළිවෙළක් තුළින් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ඒකාධිපති බලයක් ලබා නොගන්නා තත්ත්වයකට අපිට පුළුන් බොහොම සමබර සමතුලිත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නිර්මාණය කරන්න
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, අද පොළොන්නරුව තමන්කඩුවේ අඹන්ගඟ දකුණු ඇළ - ශ්‍රී විවේකාරාම විහාරයට පැමිණි අවස්ථාවේදීය. ආගමික වතාවත් ඉටු කළ විපක්ෂ නායකවරයා, විහාරාධිපති පූජ්‍ය මහබැද්දේ ආනන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. උන්වහන්සේ සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් පසු ප්‍රේමදාස මහතා එහි රැස්ව සිටි ජනතාව හමුවිය.   https://www.facebook.com/NewsfirstSL/videos/973891656421826/