හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු දැලේ

හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙකු දැලේ

by Staff writer 27-09-2020 | 10:45 AM

COLOMBO ( News 1st ) : හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බොරැල්ල, සහස්පුර සහ අතුරුගිරිය, අරංගල ප්‍රදේශවලදීය. ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 7 කි. සැකකරුවන් බොරැල්ල සහ තලවාකැලේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. එම පුද්ගලයින් අද මාලිගාකන්ද සහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරීමට නියමිතය.