ගිනි අවි 2 ක් සමග සැකකරුවෙකු කොටු

වලස්මුල්ලේදී ගිනි අවි 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 27-09-2020 | 10:27 AM

COLOMBO ( News 1st ) : වලස්මුල්ල, තලගම්වාඩුව ප්‍රදේශයේදී විදේශීය සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, වලස්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකළ බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි තලගම්වාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.