කහ කිලෝ 1024 ක් පේසාලේදී පොලීස් භාරයට

මුහුදෙන් ගෙන්වූ බවට සැක කහ තොගයක් පොලීසිය භාරයට

by Staff writer 27-09-2020 | 6:35 PM

COLOMBO (News 1st) - කහ කිලෝ 1024යි ග්‍රෑම් 245 ක් සමග ලොරි රථයක් පේසාලේ පොලීසිය භාරයට ගෙන තිබේ.

ඒ, ලද තොරතුරක් මත පෙරියකර්සල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීය. පොලීසිය සඳහන් කළේ, සැකකරුවෙකු නොමැතිව මහ මග දමා ගොස් තිබූ ලොරි රථය සහ කහ තොගය සිය භාරයට ගත් බවයි. එම කහ තොගය නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බවට සැක කරන අතර පොලිතින් උර 29ක අතුරා ඇතැයි පොලීසිය පැවසීය. මෙම කහ තොගය ගෙන්වූයේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.