පුත්තලමේදී රත්‍රං ප්‍රවාහනය කළ පුද්ගලයෙකු දැලේ

පුත්තලමේදී රත්‍රං ප්‍රවාහනය කළ පුද්ගලයෙකු දැලේ

by Staff writer 27-09-2020 | 2:03 PM

COLOMBO ( News 1st ) :  පුත්තලම, පාලවිය කලපු තීරයේදී රත්‍රං කැබලි 21 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම රන් කැබලි තොගයේ බර කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 485 ක් බවයි. යතුරු පැදියකින් මේවා රැගෙන යමින් සිටියදී පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි නාගවිල්ලුව පදිංචිකරුවෙකි. ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.