කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක්

පීලි පැනීමක් නිසා කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 27-09-2020 | 4:42 PM

COLOMBO (News 1st) - කොළඹ කොටුව දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමකට ලක් ව තිබේ.

දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ, මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පැනීමකට ලක් ව ඇති බවයි. ඒ හේතුවෙන්, කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියන් ප්‍රමාද වී ධාවනය විය හැකි බව පාලක මැදිරිය සඳහන් කළේ ය. පාලක මැදිරිය පැවසුවේ, දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක බවයි.