රත්තනපිටිය උණුසුම් වූ හැටි...

පහත්බිම් ගොඩ කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් රත්තනපිටියේ උණුසුම් තත්ත්වයක්...

by Staff writer 27-09-2020 | 10:02 PM

COLOMBO (News 1st) - පහත්බිම් ගොඩ කිරීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් තමන් මෙතෙක් වගා කළ බිම් වැනසී යන බව පවසමින් බොරලැස්ගමුව, රත්තනපිටියේ පිරිසක් අද විරෝධතාවක නිරත විය.

අප වාර්තාකරු පැවසුවේ, තව ත් පිරිසක් පැමිණ එයට විරෝධය පළ කළ බවයි. විරෝධතාකරුවන් පැවසුවේ, මීට වසර 6 කට පෙර වැවක් සහ කාණු පද්ධතියක් සැකසීම වෙනුවෙන් බලධාරීන් රත්තනපිටියේ පිහිටි තම ඉඩම් ලබාගත් බවය. තමන්ට වගා කිරීම සඳහා රජය වෙනත් ස්ථානයකින් වගා බිම් ලබා දුන් බව ද ඔවුන් පැවසූහ. එහෙත්, පසුගිය 22 වැනි දා පහත් බිම් ගොඩකිරීමේ ව්‍යාපෘතියක් යටතේ කිසිදු දැනුම්දීමකින් තොරව එම වගා බිම් ඩෝසර් කිරීම ආරම්භ කර ඇති බව විරෝධතාකරුවන්ගේ චෝදනාවයි. පවුල් 72 ක් පමණ මේ ගැටලුවෙන් පීඩාවට පත්ව සිටින බව අප වාර්තාකරු පැවසීය. මේ විරෝධතාවට ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියහ. මේ පිරිස විරෝධතාවෙහි නිරත වෙමින් වගාබිම් අවට මාර්ගයේ ගමන් කළ අතර එම ප්‍රදේශයේම තව ත් පිරිසක් පැමිණ ඊට බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය. මේ අවස්ථාවට කොහුවල පොලීසියේ නිලධාරීන් ද පැමිණියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/360380354999844/