නව ගිනි භටයින් විසිර යාමේ රථ පෙළපාලියක්

නව ගිනි භටයින් විසිර යාමේ රථ වාහන පෙළපාලියක්

by Staff writer 27-09-2020 | 12:13 PM

COLOMBO ( News 1st ) : නව ගිනි භටයින් පිරිසක් විසිර යාමේ රථ වාහන පෙළපාලියක් අද වැල්ලවත්තෙන් ආරම්භ වන බව ජාතික ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එහි පාලන මැදිරි නිලධාරී එම්.ඒ රත්නායක මහතා සඳහන් කළේ , රථ වාහන පෙළපාලිය වැල්ලවත්තෙන් ආරම්භ වී ගාලු මුවදොර කොටුව හරහා පුරහල දක්වා ගමන් ගන්නා බවයි. නව ගිනි භටයින් 70 දෙනෙකු ඊට සහභාගී වන අතර ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ වාහන 30 ක් මෙම රථවාහන පෙළපාලියට එක්කර තිබේ.