.webp)
අද රට පස්සට යන්න එක හේතුවක් පුද්ගලික න්යායපත්රවලට වැඩ කරන එක. දේශපාලනඥයෝ හැටියට අපිට පුද්ගලික න්‍යාය පත්‍ර තියෙන්න බෑ. පුද්ගලික න්යායපත්ර ස්මතු වෙනකොට එතන කඩා වැටීමක් වෙනවා. ඒ කඩා වැටීම අපි දැක්කා පසුගිය මැතිවරණවලදීත්. 2010 ජයග්‍රහණය 2015 දී කනපිට හැරෙනවා. 2015 ජයග්‍රහණය 2020 දී කණපිට හැරෙනවා. 2020 ජයග්‍රහණයත් කණපිට හැරෙන්න පුළුවන් අපි හරියට ක්‍රියාත්මක නොවුනොත්. හරියට ක්‍රියාත්මක නොවුනොත් ඊළග මැතිවරණයේ ජනතාව මීට වැඩිය දරුණු තීරණයක් අපිට දෙන්න පුළුවන්.