ත්‍රීකුණාමලයට පැමිණි තෙල් නැවේ 17දෙනාටම කොරෝනා

ත්‍රීකුණාමල වරායට පැමිණි ඉන්දීය තෙල් නැවේ 17 දෙනාටම කොරෝනා

by Staff writer 27-09-2020 | 12:46 PM

COLOMBO ( News 1st ) : ත්‍රීකුණාමලය වරායේ නැංගුරම්ලා ඇති ඉන්දීය ඉන්ධන නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනාටම කොරෝනා ආසාදනය වී ඇතැයි වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එම නැවෙහි සිටි පුද්ගලයකු කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පෙන්වීම හමුවේ සමස්ත කාර්ය මණ්ඩලයම PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙය තහවුරු වී තිබේ. ඉන්ධන මෙට්‍ර්ක් ටොන් 4000 ක් ප්‍රවාහනය කරමින් තිබු එම නැව ත්‍රීකුණාමලය වරායට පැමිණීමට පෙර කොළඹ වරායට ද පැමිණ ඇතැයි වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, එම නෞකාව සහ කාර්යය මණ්ඩලය ඉන්දියාවට පිටත් කර හැරීමට නියමිත බවයි.