
වට ප්‍රමාණය අනුව පොල් මිලදී ගන්න, පාරිභෝගික සමිති නියෝජිතයින් වෙළෙඳපොළට
වට ප්‍රමාණය අනුව පොල් මිලදී ගන්න, පාරිභෝගික සමිති නියෝජිතයින් වෙළෙඳපොළට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – පොල් මිල සම්බන්ධයෙන් ජනතාව හා වෙළෙඳුන් දැනුවත් කිරීම වෙනුවෙන් අද පෙරවරුවේ පාරිභෝගික කටයුතු අධිකාරිය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා,
මේක ජනතාවට ඉතාම අලුත් ක්‍රමයක් පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ මිමි ක්‍රමය දැම්මේ. අනිත් භාණ්ඩවලත් තියෙනව මිමි ක්‍රමය රාත්තල් කිලෝ ගණන් ජනතාවගේ යහපත උදෙසා තමයි මේක කරේ පාරිභෝගිකයෝ ඔය වගේ ප්‍රශ්න ආවොත් ජනතාවට මිනිපේ පටි අරන් යන්න අවශ්‍යතාවයක් නෑ කඩේට. ප්‍රශ්නයක් තියෙනවා නං අපේ නිලධාරීන් ඉන්නවා කඩේ චෙක් කරලා වට ප්‍රමාණය චෙක් කරලා පෙන්නලා අවශ්‍ය විදියට නැත්තං අවශ්‍ය නීතිමය කටයුතු කරනවා මෙතන ලොකු ප්‍රශ්නයක් නෑ අඩුවෙච්ච ගාන ගැන කවුරුවත් කතා වෙන්නේ නෑ ප්‍රධාන අරමුණ තමයි රුපියල් 110 තිබුණ පොල් 65 70 ට ලබාදීම. මනින එක නෙවෙයි ලොකු ප්‍රශ්නේ තියෙන්නේ මනින ඒ කියන්නේ ප්‍රශ්නයක් ආවොත් අපිට කියන්න අපි ඉන්නේ ඒකට.
පොල් සංවර්ධන අධිකාරියේ සැකසුම් සංවර්ධන අධ්‍යක්ෂ බී.එදිරිමාන්න මහතා,
අපි දන්නවා අපේ මේ පුංචි රටේ අපිට හම්බෙන්නෙ පොල් ගෙඩි මිලියන 3000. මිනිසුන් දාහෙන් තුනෙන් එකක් කර්මාන්තවලට පාවිච්චි කරනවා විදේශීය රටවලට අපනයනය කිරීම සඳහා. තුනෙන් දෙකක් පාවිච්චි කරන්නේ පොල්වලින් එදිනෙදා පරිභෝජනයට. මේ කරුණු දෙකම සැලකිල්ලට අරගෙන මෙවන් ප්‍රමිතියක් කට පොල් ලක් කිරීමට කටයුතු කෙරේ.
මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් අද නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පොල් මිල පිළිබඳව සොයා බැලීමට එක්විය.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා,
අපට සැකයක් තියෙනවා කා වෙනුවෙන්ද මේක යොදල තියෙන්නෙ කියලා. වගාකරුවෙකුට රුපියල් හැටයි අසූවයි අතර මුදලක් හම්බෙනවා. ඔවුන් දැන් කරන්නේ අපනයනය සඳහා ඒ පොල් ටික දීලා කන්න බැරි පොල් ටික පාරිභෝගික හැටියට අපිට දෙනවා අනිත් පොල් ටික පොල් සංවර්ධන මණ්ඩලය පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා එක පුද්ගලයෙක් වන්නේ කෙසේද ? පොල්වවන්නන්ගේ සංගමයේ ලේකම්වරයා තමයි මේ ආයතන තුනේ සභාපතිවරයා. එතකොට මොකක්ද වෙන්නෙ ඔහු හොඳ මිලක් ලබල දෙනවා ඔවුන්ගේ පිරිසට. ඔහුගේ පිරිසට හොඳ කලක් ගෙවිලා තියෙනවා පාරිභෝගික ගැන අද පාරට වැටිලා තියෙනව. මේ රටේ බහුතරයක් ජනතාව පොල් සම්බෝලයක් එක්ක බත් ටිකක් කන ජනතාවක් තාම ඉන්නේ. අනිත් පැත්තෙන් පාරිභෝගිකයන් සහ වෙළෙන්දා අතර ගැටුමක් ඇතිවෙනවා.
🔺 වට ප්‍රමාණය අනුව පොල් මිලදී ගන්න, පාරිභෝගික සමිති නියෝජිතයින් වෙළෙඳපොළට
🔺 වට ප්‍රමාණය අනුව පොල් මිලදී ගන්න, පාරිභෝගික සමිති නියෝජිතයින් වෙළෙඳපොළට📌 Read More: https://bit.ly/367QPHz#lka #News1st #Coconut #CoconutPriceSL #CJ
Newsfirst.lk यांनी वर पोस्ट केले रविवार, २७ सप्टेंबर, २०२०
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
- පැරිස් සමාජයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය IMF වෙත – ජනාධිපති මාධ්‍ය අංශය
- උ/පෙළ සමයේ විදුලි කප්පාදුව: පෙත්සම සලකාබලා අවසන්..තීන්දුව බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා
- මැතිවරණ කොමිසමේ සාමාජික චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
- තුර්කි ඛේදවාචකයෙන් අහිමි වූ ජීවිත ගණන 5,000 ඉක්මවා යයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරයි
- නිදහස් උත්සවයේ වියදම් ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි… වැය කළ මුළු මුදල මෙන්න… ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- හිටපු නියෝජ්‍ය ඇමති සරණට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙයි