මුහුදෙන් ගෙන්වූ බවට සැක කහ තොගයක් පොලීසිය භාරයට

මුහුදෙන් ගෙන්වූ බවට සැක කහ තොගයක් පොලීසිය භාරයට

මුහුදෙන් ගෙන්වූ බවට සැක කහ තොගයක් පොලීසිය භාරයට

කර්තෘ Staff writer

27 Sep, 2020 | 6:35 pm

COLOMBO (News 1st) – කහ කිලෝ 1024යි ග්‍රෑම් 245 ක් සමග ලොරි රථයක් පේසාලේ පොලීසිය භාරයට ගෙන තිබේ.

ඒ, ලද තොරතුරක් මත පෙරියකර්සල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීය.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවෙකු නොමැතිව මහ මග දමා ගොස් තිබූ ලොරි රථය සහ කහ තොගය සිය භාරයට ගත් බවයි.

එම කහ තොගය නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බවට සැක කරන අතර පොලිතින් උර 29ක අතුරා ඇතැයි පොලීසිය පැවසීය.

මෙම කහ තොගය ගෙන්වූයේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]