පීලි පැනීමක් නිසා කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක්

පීලි පැනීමක් නිසා කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක්

පීලි පැනීමක් නිසා කොටුව සහ මරදාන අතර දුම්රිය ප්‍රමාදයක්

කර්තෘ Staff writer

27 Sep, 2020 | 4:42 pm

COLOMBO (News 1st) – කොළඹ කොටුව දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමකට ලක් ව තිබේ.

දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ, මඩකලපුව සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පැනීමකට ලක් ව ඇති බවයි.

ඒ හේතුවෙන්, කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියන් ප්‍රමාද වී ධාවනය විය හැකි බව පාලක මැදිරිය සඳහන් කළේ ය.

පාලක මැදිරිය පැවසුවේ, දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක බවයි.

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]