by Staff writer 27-09-2020 | 11:50 AM
COLOMBO ( News 1st ) : මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3349 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ , ඊයේ(26) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි.
කටාර් සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයකු ඒ අතර වේ.
ඔවුන් මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටියදී හඳුනා ගත් රෝගීන් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 90 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.
COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ , එම පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධානය මධ්‍යස්ථානවලට යොමු කළ බවය.
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 467 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබේ.
මේ අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1520 කි.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 279,740 ක් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.