by Staff writer 27-09-2020 | 11:39 AM
COLOMBO ( News 1st ) : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරයකට ඒමී කෝනි බැරට් නම් කරනු ලැබ තිබේ.
ජනාධිපතිවරණයට සති පහමාරක් තිබියදී ජනපති ට්‍රම්ප් ඇයව මෙම තනතුර සඳහා යෝජනා කර ඇත්තේ රූත් ජින්ස්බර්ග් ගේ අභාවයෙන් හිස්වූ තනතුර සඳහා ය.
ඒමි බැරට් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තනතුරට තෝරා පත් කර ගතහොත් ඇය එම ධූරයට පත්වූ අමෙරිකාවේ පස්වන කාන්තාව වනු ඇති.
1991 වසරෙන් පසු මෙම තනතුර සඳහා නාමයෝජනා වූ ලාබාලතම පුද්ගලයාද 48 හැවිරිදි ඒමි බැරට් ලෙස සඳහන් ය.