20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතිශය භයානකයි

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතිශය භයානකයි - හිටපු ජනපති චන්ද්‍රිකා කියයි

by Staff writer 26-09-2020 | 7:53 PM

COLOMBO ( News 1st ) – 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශය භයානක බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය.

ඇය මෙම අදහස් පළ කළේ, අද පැවති එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණ සමරුවට සහභාගි වෙමිනි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් පැවැත්වුණේ, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසළදීය. ඒ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා බණ්ඩාරනායක පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙනි. ය. මෙම අවස්ථාවට හිටපු කතානායක කරූ ජයසූරිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් එක්ව සිටියහ. සැමරුම් උත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හා හිටපු ජනාධිපතිනිය අතර බණ්ඩාරනායක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවිය. සම්පූර්ණ වාර්තාව නරඹන්න..