ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ඉපලෝගම ප්‍රා. සභා මන්ත්‍රී ඇතුළු තිදෙනා රිමාන්ඩ්

by Staff writer 26-09-2020 | 3:42 PM

COLOMBO (News1st) : හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනා ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඉපලෝගම , ගෝනපතිරාව ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි තොරතුරක් මත සිදුකළ පරික්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 60 කි.