රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය ඇරඹේ

රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය ආරුගම්⁣⁣බේදී ඇරඹේ

by Staff writer 26-09-2020 | 9:55 PM

COLOMBO ( News 1st ) – රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලිය අද ආරුගම්බේ මුහුදු තීරයේදී ආරම්භ විය.

ශ්‍රී ලංකා රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශය එක්ව තරගාවලිය සංවිධානය කරයි. ඊට රටවල් 15 නියෝජනය කරමින් එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 101 කි. අද මූලික වටයේ තරග පැවති අතර හෙට දිනයේදී අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරග පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ. ශූරතාවලියේ සමාප්ති උළෙල හෙට සවස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත ය.