කඩිනමින් හානි පූර්ණය ගෙවන බව නැවේ හිමිකරුවෝ කියති

මි. 442ක හානි පූර්ණ හිමිකම් New Diamond නැවේ හිමිකරුවෝ කියති

by Staff writer 26-09-2020 | 2:52 PM

COLOMBO (News 1st) :  රුපියල් මිලියන 442 ක හානි පූර්ණ හිමිකම් කඩිනමින් මෙරටට ගෙවීමට MT New Diamond නෞකාවේ හිමිකරුවන් එකඟ වී තිබේ.

මේ පිළිබඳ එකඟතාව නීතිපතිවරයාට එම සමාගම දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා ය. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ New Diamond නෞකාවේ පසුගිය 03වැනිදා පෙරවරුවේ ගින්න හට ගැනිණ. ගින්න ඇතිවන අවස්ථාවේ එය යාත්‍රා කරමින් තිබුණේ, සංගමන් කන්දේ සිට නාවික සැතපුම් 38 ක් පමණ දුරිනි.