මාලිගාකන්දේ හොර කච්චේරියක් වටලයි

මාලිගාකන්දේ හොර කච්චේරියක් වටලයි : සැකකරුවෙකු දැලේ

by Staff writer 26-09-2020 | 7:45 AM

COLOMBO ( News 1st ) : මරදාන, මාලිගාකන්ද ප්‍රදේශයේදී ව්‍යාජ කච්චේරියක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ රබර් මුද්‍රා 227 ක්, ව්‍යාජ ලිපි ශීර්ෂ 42 ක්, විදේශ ගමන් බලපත්‍ර 300 ක්, ජාතික හැඳුනුම්පත් 9 ක්, ලැප්ටොප් පරිගණකයක්, ස්කෑන්ර් යන්ත්‍රයක්, ප්‍රින්ටර් යන්ත්‍රයක් හා ජංගම දුරකතනයක් සිය භාරයට ගත් බවයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.