මන්ත්‍රී නිල නිවාස ගැටලුවට පිළියමක්

මන්ත්‍රී නිල නිවාස ගැටලුවට පිළියමක්

by Staff writer 26-09-2020 | 1:28 PM
COLOMBO (News 1st) : පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස ගැටලුවට පිළියමක් ලෙස තාවකාලික පදනමින් රාජගිරියේ පිහිටි මහ බැංකුවට අයත් නිලධාරින් පුහුණු කිරිමේ මධ්‍යස්ථානයේ කොටසක් කුලී පදනම මත ලබා ගැනිමට අවධානය යොමු වි තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, ඊයේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයින් මේ සම්බන්ධයෙන් දිර්ඝව සාකච්ජාවට ලක් කර ඇති බවයි. මාස 3ක කාලයක් සඳහා අදාළ ගොඩනැගිල්ලේ පිහිටි නේවාසිකාගාර කුලි පදනමක් යටතේ මිලදිගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදි අවධානය යොමු වි ඇති බව ඔහු සඳහන් කළේ ය. පාර්ලිමෙන්තුව සතුව මන්ත්‍රි නිල නිවාස සංඛ්‍යාව 120කි. ඒ අතරින් 100කට ආසන්න සංඛයාවක් මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලෙස පරිහරණය සඳහා අවස්ථාව ලබා දි තිබේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පරාජයට පත් වු මන්ත්‍රීවරුන්ට යළි සිය නිල නිවාස භාර දෙන්නැයි පාර්ලිමේන්තුව දැනුම් දී තිබිණ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, ඒ අනුව හිටපු මන්ත්‍රීවරුන් 35 කට ආසන්න සංඛ්‍යාවක් යළි නිල නිවාස භාරදි ඇති බවයි. කේසේ නමුත් තවත් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් තමන් භාවිත කළ නිල නිවාස මෙතෙක් භාර නොදීම හේතුවෙන් නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබාදිමේ ගැටලු මතු වි තිබීම හමුවේ මෙම තාවකාලික පියවර ගැනීමට සිදුව තිබේ. ඇතැම් නිවාස අලුත්වැඩියා කිරිමට ද යම් කාලයක් ගතවිම මෙම තත්ත්වයට හේතු වි ඇති බව පාර්ලිමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, ඇතැම් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස හිමි නිල නිවසට අමතරව අමාත්‍යවරයකු ලෙස හිමි නිල නිවස ද පරිහරණය කිරිම හමුවේ මන්ත්‍රී නිල නිවාස ගැටලුව තවත් උග්‍ර වි ඇති බවයි. මේ අතර මෙතෙක් නිල නිවාස භාර නොදුන් හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රසිද්ධ කිරිම පිළිබඳව ද ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ අවධානය යොමු වි තිබේ.