ගල්කිස්සේ කාණුවක ජීව උණ්ඩ තොගයක්

ගල්කිස්සේ කාණුවක ජීව උණ්ඩ තොගයක්

by Staff writer 26-09-2020 | 1:02 PM
COLOMBO (News 1st) : ගල්කිස්ස, පිරිවෙන පාරේ කාණුවක තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 50 ක් බැගින් අඩංගු පෙට්ටි 2 ක් සහ ජීව උණ්ඩ 4 ක් සහිත පාර්සලයක් එලෙස සොයා ගෙන ඇති බවයි. ගල්කිස්ස, කොට්ඨාස දූෂණ මර්දන ඒකකය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. මේ අතර තවත් ප්‍රදේශ කිහිපයකදී ගිනිඅවි සමග සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, උඩුදුම්බර කලල්ගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග 29 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රුවන්වැල්ල දෙහිඕවිට ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක් සහ පතොරම් 5 ක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. හසලක ප්‍රදේශයේ කළ වැටලීමකදී ද මෙරට නිෂ්පාදිත ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.