තවත් කොරෝනා ආසාදිතයින් 12ක්

මෙරට කොරෝනා ආසාදිතයින් පිළිබඳ නවතම තොරතුරු

by Sagarika Chathumali 26-09-2020 | 10:39 AM
COLOMBO (News 1st) : අද (26) උදෑසන වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. COVID 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව හඳුනා ගත් ආසාදිතයින් මෙසේයි. *ඩුබායි සිට පැමිණි පුද්ගලයින් - 2යි *කාටර් සිට පැමිණි - 6යි *ඇල්බේනියානු ජාතික වෙළඳ නාවික - 1යි *යුක්රේන ජාතික වෙළඳ නාවිකයින් - 3 යි ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3345ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අසාදිතයින් සංඛ්‍යාව 174කි. සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති ආසාදිතයින් ගණන 3158ක් වන අතර වෛරසය ආසාදනය වීමෙන් අහිමි වූ ජිවිත ගණන 13කි. මේ අතර අද (26) දිනය වන විට කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට අදාළව වාර්තා වූ සියලු ආසදිතයින් සංඛ්‍යාව 650 කි. විදෙස් රටවල් කිහිපයක සිට තවත් ලාංකිකයින් 122 දෙනෙකු අද දිනයේ මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. තව ද ත්‍රිවිද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 271 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත අතර මේ වන විට නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 44,817කි. තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන 67ක් තුළ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 6,991කි. ඊයේ (25) දිනය තුළ මෙරටදී PCR පරීක්ෂණ 1300ක් සිදු කර ඇති අතර මේ වනවිට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 278,145කි. අද (26) වන විට කොරෝනා ආාසදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර ඉන් 14 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අය වන අතර ඉතිරි පුද්ගලයින් දෙදෙනා කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් ය. කන්දකාඩු මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 648 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2කි.