COVID - 19 නිහඬ කළ හඬ..

එස්. පී බාලසුබ්‍රමනියම් පොලිස් ආචාර වෙඩිමුර මධ්‍යයේ අවසන් ගමන් යයි

by Staff writer 26-09-2020 | 6:16 PM

COLOMBO (News1st) : අභාවප්‍රාප්ත ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී එස්. පී බාලසුබ්‍රමනියම් මහතාගේ අවසන් කටයුතු සිදුකර තිබේ.

පොලිස් වෙඩිමුර මධ්‍යයේ තිරුවල්ලූර්හීදි අවසන් කටයුතු සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ප්‍රවීණ නළු විජේ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා ආසාදිතව චෙන්නායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ඔහු අභාවප්‍රාප්ත වූ බවයි. මිය යනවිට 74 වන වියෙහි පසුවූ බාලසුබ්‍රමනියම් මහතා සප්ත ස්වරයේ අපූර්වත්වය මුසු කරමින් භාෂා 16 කින් ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 40,000 කි.