ඉන්දු - ශ්‍රී ලංකා අගමැතිවරු විශේෂ සාකච්ඡාවක

ඉන්දු - ශ්‍රී ලංකා අගමැතිවරු අද විශේෂ සාකච්ඡාවක

by Staff writer 26-09-2020 | 6:52 AM

COLOMBO ( News 1st ) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මසුන් ඇල්ලීමේ ගැටලුව පිළිබඳව අද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී ප්‍රධාන කරුණක් ලෙස අවදානයට ගන්නා බවයි. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ උතුරු හා නැගෙනහිර පළාතේ ධීවරයින් සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ය. එහිදී ධීවරයින් මේ ගැටලුව පිළිබඳ අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ.