26-09-2020 | 1:02 PM
COLOMBO (News 1st) : ගල්කිස්ස, පිරිවෙන පාරේ කාණුවක තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 50 ක් බැගින් අඩංගු පෙට්ටි 2 ක් සහ ජීව උණ්ඩ 4 ක් සහිත පාර්සලයක් එලෙස සොයා ගෙන ඇති බවයි.
ගල්කිස්ස, කොට්ඨාස දූෂණ මර්දන ඒකකය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
...