වාචික නියෝග චක්‍රලේඛ මෙන් ක්‍රියාත්මක කළ යුතුයි

වාචික නියෝග චක්‍රලේඛ ලෙස සළකන්න ගමින් ගමට යන ජනපතිගෙන් නිලධාරීන්ට කියයි

by Staff writer 25-09-2020 | 8:33 PM

COLOMBO ( News 1st ):  ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු සෘජුවම හඳුනාගෙන නොපමාව විසදුම් ලබාදීම සඳහා ගමින් ගම චාරිකා කිරීමට කළ සැලැස්ම අනුව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රදේශයේ සංචාරය කළේය.

ඒ අනුව, ජනාධිපතිවරයා බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයෙන් ආරම්භ වූ “ජනපති ගම සමග පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයට එක් විය. එහිදී, පැමිණ සිටි නිළධාරීන් ඇමතූ ඒ මහතා පවසා ඇත්තේ, ජනතාවගේ පොදු යහපත පිණිස දෙන, සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සළකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කර තිබේ. එම නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.