නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 කට අනුමැතිය

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

by Staff writer 25-09-2020 | 3:59 PM

COLOMBO (News 1st) :  නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 8 දෙනෙකු පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අද පස්වරුවේ අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව , *සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත *මිලින්ද මොරගොඩ මහතා - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් *රවිනාථ ආරියසිංහ මහතා - අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති *එස්.අමරසේකර මහතා - දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් *විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා - ඇෆ්ගනිස්ථාන තානාපති *විශ්‍රාමාල් සංජිව් ගුණසේකර මහතා  - ජපානයේ ශ්‍රී ලංකා තානාපති *මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය -  ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි *ආචාර්ය පාලිත කොහොන මහතා -  චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දී තිබේ.