ගිනිඅවි සමග තැන තැන කොටු වන සැකකරුවන්

ගිනිඅවි සමග තැන තැන කොටු වන සැකකරුවන්

by Sagarika Chathumali 25-09-2020 | 10:22 AM
COLOMBO (News 1st) : පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම්වලින් ගිනිඅවි සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය ඇල්පිටිය ගනේගොඩදී ඉන් එක් වැටලීමක් සිදු කර ඇති අතර එහිදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් හා බෝර 16 වර්ගයේ පතොරමක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් හා පතොරම් 5ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇත්තේ, කරුවලගස්වැව පොලීසිය තබ්බෝව ප්‍රදේශයේ නිවසක සිදු කළ සෝදිසියකදී ය. විදේශීය රටක නිෂ්පාදිත තවත් ගිනිඅවියක් සහ පතොරම් 3ක් සමග සියඹලාණ්ඩුවේදී ද සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. දෙණියාය මහවත්තේදී තවත් සැකකරුවෙකු පොලීස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද සමගයි.