කොළඹට පැය 10 ක ජල කප්පාදුවක්

කොළඹට පැය 10 ක ජල කප්පාදුවක්

by Staff writer 25-09-2020 | 3:40 PM

COLOMBO (News 1st) – කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට හෙට රාත්‍රී 8 සිට පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ , එම කාලය තුළ කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය බෙදා හැරෙන බවයි. කොළඹ තදාසන්න ප්‍රදේශවල ජල ව්‍යාපෘති වැඩිදියුණු කිරීමක් මීට හේතු වී තිබේ.