කොටියෙකු මරා මස් අලෙවි කළ තිදෙනෙක් උඩුදුම්බරදී අත්අඩංගුවට

කොටියෙකු මරා මස් අලෙවි කළ තිදෙනෙක් උඩුදුම්බරදී අත්අඩංගුවට

කොටියෙකු මරා මස් අලෙවි කළ තිදෙනෙක් උඩුදුම්බරදී අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

25 Sep, 2020 | 11:19 am

COLOMBO (News 1st) : උඩුදුම්බර ප්‍රදේශයේදී කොටියෙකු මරා මස් අලෙවි කරමින් සිටි අඹුසැමි යුවලක් ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කලල්ගමුව ප්‍රදේශයේදී ඌරන්ට ඇටවූ මන්දකට මෙම කොටියා හසුවී ඇති බවයි.

පසුව අදාළ පිරිමි සැකකරුවන් දෙදෙනා මන්දට හසු වූ කොටියා මස් කර අලෙවි කිරීමට කටයුතු කර තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත සැකකරුගේ නිවසට ගොස් කළ පරීක්ෂා කිරීමේදී මියගිය කොටියාගේ මස් හා ශරීර කොටස් සොයා ගැනීමට හැකිවී තිබේ.

කොටියාගේ ඉතිරි ශරීර කොටස් සොයා උඩුදුම්බර පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් අද තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]