by Staff writer 24-09-2020 | 5:44 PM
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අද පස්වරුව වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 12 ක් ගොනු කර තිබුණි.
අද දිනයේ ලැබී තිබුණු පෙත්සම් ගණන 6 කි.
හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා ද අද පෙත්සමක් ගොනු කළේ ය.
මේ අතර ජාතික සංවිධාන එකමුතුව අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, මේ ව්‍යවස්ථා සංශෝධනයට අදාළව අගමැතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව වහා ප්‍රසිද්ධ කළ යුතු බවයි.