20 ට එරෙහිව කීර්ති තෙන්නකෝන්ගෙන් පෙත්සමක්

20 ට එරෙහිව කීර්ති තෙන්නකෝන්ගෙන් පෙත්සමක්

by Staff writer 24-09-2020 | 4:07 PM

COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනු කර ඇත. පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර ඇත්තේ නීතිපතිවරයායි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වනවිට ලැබී ඇති ‍පෙත්සම් සංඛ්‍යාව 12 කි.