20 ට එරෙහි පෙත්සමක පිටපතක් කතානායකට

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක පිටපතක් කතානායකට

by Staff writer 24-09-2020 | 9:29 PM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වී ඇති පෙත්සමක පිටපතක් පාර්ලිමේන්තුවට යොමු කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ විපක්ෂ නායකවරයා සිය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ කැමරාව ඔහු වෙත එල්ල නොවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කතානායකවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/753436735386588/