මාළු ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

මාළු ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

by Staff writer 24-09-2020 | 5:27 PM

COLOMBO (News 1st) - හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ මාළු ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද මරණ දඬුවම නියම කර තිබේ.

ඒ, හෙරොයින් ග්‍රෑම් 106 ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන අධිචෝදනා දෙකට වරදකරු කරමිනි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය 1998 දෙසැම්බර් 04 වැනි දා පිටකොටුව මත්ස්‍ය වෙළෙඳසැල් සංකිර්ණයේදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි. විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණ හමුවේ පනවා තිබූ නඩුවක් විභාග කළ මහාධිකරණය 2012 ජුලි මස පළමු වැනි දා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබුණි. එම සිර දඬුවමට එරෙහිව විත්තිකරු ගොනු කර තිබූ අභියාචනාවක් සළකා බැලු අභියාචනාධිකරණය එම නඩුව නැවත විභාගයට ගන්නා ලෙස මහාධිකරණයට නියෝග කර තිබුණි. නැවත විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය විත්තිකරුට මරණ දඬුවම නියම කළේ ය.