ප්ලාස්ටික් උපකරණ කිහිපයක් ජනවාරි 1 සිට තහනම්

ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක් ජනවාරි පළමු වැනිදා සිට තහනම්..

by Staff writer 24-09-2020 | 9:50 AM

COLOMBO ( News 1st ) - ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක් ජනවාරි පළමු වැනිදා සිට තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, කොට්න් බඩ් සඳහා භාවිත කරන ප්ලාස්ටික් බටය, සැෂේ පැකට් සහ කෘමිනාශක අඩංගු කුඩා ප්ලාස්ටික් බෝතල් එලෙස තහනම් කෙරෙන බවයි. ඒ වෙනුවට විකල්ප භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. කොට්න් බඩ්, සෞඛ්‍යමය කටයුතු සඳහා භාවිත කිරීමට පමණක් අවසර හිමි වේ. ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බව, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.