ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 24-09-2020 | 6:34 AM

දේශීය පුවත්

1. 2012 සිට අන්තවාදයට එරෙහි ක්‍රමවේද අසාර්ථකවීම අප්‍රේල් 21 ප්‍රහාරයට හේතුවයි – පූජිත් ජයසුන්දර : 2012 වසරේ සිට අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ක්‍රමවේද අසාර්ථකවීම අප්‍රේල් 21 ප්‍රහාරයට හේතුවක් වූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. 2. ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි : දිවයිනේ සියලු ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. 3. ලබන 01 වැනි දා සිට ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී විධිමත් කරමින් චක්‍රලේඛයක් : ලබන මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේ රාජකාරී කටයුතු විධිමත් කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 4. මං තීරු නීතිය කැඩූ රියැදුරන් 1000 කට උපදෙස් :කොළඹ මං තීරු නීතිය කඩ කළ රියදුරන් 1000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

විදෙස් පුවත්

5.අමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 2ක පනී : කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ක ඉක්මවා ගොස් තිබේ.