by Hashini De Mel 24-09-2020 | 6:14 PM
COLOMBO (News 1st) - කොටිකාවත්ත ආදාහනාගරයේ ගෑස් කාන්දුවක් හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, අද පස්වරුවේ දේහයක් ආදාහනය කිරීමට යාමේදී එහි එක් විවරයකින් මෙම ගෑස් කාන්දුව සිදුව ඇති බවයි.
තුවාල ලැබුවන් ජාතික රෝහලට ඇතුළත් කර ඇත.